මම දැනට ඉන්ජීනීරු විද්‍යාව හදාරමින් සිටිනවා.ගම ගාල්ලේ.මෙහිදී මාගේ නමසඳහන් නොකරන්න මම හිතුවා.ඒක කෝකටත් හොඳයිනේ.
ලියන අදහස නිකම්ම හිතිච්ච දෙයක් නෙමෙයි.මේක ලියන්නෙත් පොඩි පරීක්ෂණයක් විදියට.
එහෙනම් ඉතින් දැන් මගේ පරීක්ෂණය ගැන කියන්නම්කො.
මම දෙවියන්වත් බූතයන්වත් අදහන කෙනෙක් නෙමෙයි.
හේතු වෙච්ච නිධාන කතාවෙන් වැඩක් නෑ.එත් මම කරන්න හදන්නෙ අපිට පෙනෙන සිහින වලින් අනාගතයේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධයක් තියද කියල බලන එක.
මට වැඩිය හීන පේන්නෙ නෑ.සමහර දවසට පේනව.එත් එව ගැන මට එච්චර මතකයක් නෑ.එක නිසා තමයි මේ blog එක ලියන්න හිතුවෙ.
පේන හැම හීනයක්ම මම මේකේ ලියනව.එතකොට පස්සෙ එව විමසල මට නිගමනයකට එන්න පුළුවන්.
එහෙනම් ඉතින් sweet dreams කියල මේකට මුලපුරන්නම්.....
1 comments:
කරන වැඩේ සාර්ථක වෙන්න කියල පතනවා.....
එහෙනම් යාලුවා "ස්වීට් ඩ්රිම්ස්...." :)
Post a Comment