Monday, January 24, 2011

සිහිනය 1

අද මම හීනයක් දැක්ක.එක මට නින්දෙන් නැගිට්ට ගමන් මතකෙට ආවේ නෑ.එත් අද බස් එකේදී එකපාරටම මතක් උනා.
මෙන්න මේකයි සිද්ධිය....
සීන් එක පටන් ගත්තේ ප්ලේන් එකක් ඇතුලේදී. ප්ලේන් එක ඇතුලට ගියපු හැටිවත්,යන්නෙ කොහෙද කියලවත් මතකයක් නැ.මට වාඩි වෙන්න තිබුනෙ 3නේ සීට් එකක ජනේලේ පැත්තේ නෙමෙයි අනිත් පැත්තෙ කොනේ.මමත් ඉතින් බලාගෙන හිටිය මගේ එහා පැත්තෙන් ලස්සන කෙල්ලෙක් ඇවිල්ල වාඩි වෙනකන් (හීනෙන් උනත් බලපන්කෝ මනමාල කම ;) ).ඉතින් ඔහොම ඉන්නකොට මට එහා පැත්තෙන් අපේ එහා ගෙදර මල්ලි ඇවිල්ල වාඩි උනා (අපරාදේ.....යන්න කියන්නත් බෑ).හැබැයි ජනේලේ පැත්තෙ කොනේ සුදු කෙල්ලෙක් ඇවිල්ල වාඩි උනා (මටත් වෙන වැඩ).
කොහොම උනාද මන් දන්නේ නැ හැබැයි ටික වෙලාවකින් අර කෙල්ල මත් එක්ක කතා කර කර හිටිය.මාත් බැරි බැරි ගාතේ කඩ්ඩෙන් ටෝක්ස් දුන්න.
ඊට පස්සේ මොනවා උනාද මන්දන්නේ නෑ ඊළඟ සීන් එක තිබුනෙ කොහෙහරි ගෙදරක.ගෙදර හැටි මතක නෑ හැබැයි කොහොමහරි අර සුදු කෙල්ලත් මත් එක්ක හිටිය.අපි දැන් යාළුවො.
මට මතකයි එක වෙලාවක මම ඒ කෙල්ලත් එක්ක කතා කරනකොට අමතක වෙලා සිංහලෙන් කතා කලා.පස්සෙ එයට තේරුනේ නෑ කියල මට තේරිලා ආයෙත් english වලින් කතා කලා.සිද්ධියේ මේ හරිය මම හිතන්නෙ මට මතක නෑ.ඒක නිසා කොහොමද මන්ද හැබැයි ඊට පස්සෙ ඔන්න එක පාරටම මම තනියම...මම කව්රුහරි එනකන් බලන් ඉන්නව.බලන් ඉඳල තියෙන්නෙ අපේ ලොකු නැන්ද එනකන්.අර කෙල්ලත් එය එක්ක ගිහිල්ල.මට එයාව මතක් වෙනව.call කරන්නත් හිතුන.එත් මොකද මන්ද call කලේ නැ.ටික වෙලාවකින් ලොකු නැන්ද ආව.මම එය එක්ක කතා කලේ නෑ.අර කෙල්ලත් එක්ක කතා කලා.එයා කිව්වා එයාව මතක් උනේවත් නෑ නේද කියල.මම කිව්වා මතක් උනා එත් ලොකු නැන්ද එක්ක ඉන්න බව දන්නා නිසා call කලේ නෑ කියල.ඊට පස්සෙ ඇහැරුනා.  

Sunday, January 23, 2011

ආරම්භයක්

සිහින මතකයන් තුලට ආරම්භයක් සනිටුහන් කරමින් පළමුවෙන්ම මම මා ගැන හැඳින්වීමක් කරන්නම්.
මම දැනට ඉන්ජීනීරු විද්‍යාව හදාරමින් සිටිනවා.ගම ගාල්ලේ.මෙහිදී මාගේ නමසඳහන් නොකරන්න මම හිතුවා.ඒක කෝකටත් හොඳයිනේ.
ලියන අදහස නිකම්ම හිතිච්ච දෙයක් නෙමෙයි.මේක ලියන්නෙත් පොඩි පරීක්ෂණයක් විදියට.
එහෙනම් ඉතින් දැන් මගේ පරීක්ෂණය ගැන කියන්නම්කො.
මම දෙවියන්වත් බූතයන්වත් අදහන කෙනෙක් නෙමෙයි.
හේතු වෙච්ච නිධාන කතාවෙන් වැඩක් නෑ.එත් මම කරන්න හදන්නෙ අපිට පෙනෙන සිහින වලින් අනාගතයේ සිද්ධ වෙන දේවල් වලට සම්බන්ධයක් තියද කියල බලන එක.
මට වැඩිය හීන පේන්නෙ නෑ.සමහර දවසට පේනව.එත් එව ගැන මට එච්චර මතකයක් නෑ.එක නිසා තමයි මේ  blog එක ලියන්න හිතුවෙ.
පේන හැම හීනයක්ම මම මේකේ ලියනව.එතකොට පස්සෙ එව විමසල මට නිගමනයකට එන්න පුළුවන්.
එහෙනම් ඉතින් sweet dreams කියල මේකට මුලපුරන්නම්.....